Colombo Today Local News

“රාජපක්ෂ ණය කන්ද පෙන්නලා මෛත්‍රී – රනිල් ජනතාව මුළා කළා” – අනුර දිසානායක

‘රාජපක්ෂ ණය කන්ද පෙන්වලා මෛත්‍රි-රනිල් ආණ්ඩුව ජනතාව මුළා කළා’ යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා එලෙස ප්‍රකාශ කළේ කන්තලේ නගරයේදී පැවැති දිරිය ගමනක් රටට බලයක් දිරිය පුරවැසි සමිතිය ත්‍රිකුණාමලය දිසා සමුළුව මෙහෙයවූ ජන හමුව අමතමිනි.

ඒ මහතා මෙසේද පැවැසීය.

”රවි කරුණානායක යන්න ඉස්සෙල්ලා පොතක් ගැහුවා මුදල් අමාත්‍යාංශයේ ඉදිරි දැක්ම කියලා. අපේ රටේ දැන් ඉන්න පාලකයෝ මේ රට ගොඩනැඟීමට තියෙන බාධකය මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරය. ණය බර.

මහින්ද රාජපක්ෂ බලයෙන් යනකොට අපිට ණය කන්දක් දීලා ගියානේ කියනවා. ඒ දවස්වල පිටරටින් ණය අරන් එනකොට මොකක්ද කිව්වේ. අපිට අර රටෙන් මෙච්චර ලොකු ණයක් දෙනවා කිව්වා. ඒ නිසා අපි රට හදනවා කියනවා.

දැන් මොකද කියන්නේ ණය තියෙන නිසා රට හදන්න බෑ කියලා.

1985දී අපේ රටේ ණය ප්‍රමාණය බිලියන 130යි. අද කීයද? ණය ප්‍රමාණය බිලියන 10,000 ඉක්මවනවා කියනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමකට කියලා තියෙනවා අපේ රටේ ණය කොච්චරද කියලා හොයලා බලන්න කියලා. ඒ කියන්නේ අපේ රටේ පාලකයෝවත් දන්නේ නෑ අපේ රට ණය වෙලා තියෙන්නේ කොච්චරක්ද කියලා.

දැන් එයාල මේ තරම් විශාල ණයක් වෙලා මොනාද මේ රටේ කරලා තියෙන්නේ.

ඒ ණයවලින් තමයි බැසිල් රාජපක්ෂලා, වාස් ගුණවර්ධනලා, නාමල් රාජපක්ෂලා, ශිරන්ති රාජපක්ෂලා, යෝෂිත රාජපක්ෂලා, ගාමිණි සෙනරත්ලා, රවි කරුණානායකලා, ලක්ෂ්මන්ලා, ජනාධිපති ලේකම්ලා, ලලිත් වීරතුංගලා, ආච්චිලා රජ සැප විඳින්නේ.

මේ ඔක්කොම ගාව ඒ ණය මුදල් ටික ගොඩ ගැහිලා. ඒ නිසා අපේ රටේ දැවැන්ත ණය අර්බුදයට වග කියන්න ඕනේ මේ රටේ නායකයෝ. ආණ්ඩුවෙන් ලැබෙන මුළු ආදායම මදිවෙනවා ණය වාරික ගෙවලා දාන්න.

ලංකාවෙ රුපියලේ වටිනාකම අඩුවෙලා නිසා තමයි අපේ ණය ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ. අවුරුදු 70ක් මොකද කරලා තියෙන්නේ මේ පාලකයෝ. රට ණය උගුලකට හිර කරලා.

රනිල් – මෛත්‍රි ජනතාව මුළා කළා. ජනතාව මුළා වුණා. රටේ ආර්ථිකය කඩා වැටිලා ඉවරයි.”

Related posts

රණවිරු දඩයමට එරෙහි රණවිරු පාගමන අම්බලන්තොටට

colombotoday

මෙරටින් සොයා ගත් දිගම සෙල් ලිපිය දිඹුලාගල කඳු මුදුනෙන් හමුවෙයි

Admin

ආතතිය දරාගන්න බැරි වෙච්ච දොස්තර කෝපයෙන් ලිව්ව ලිපිය | මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ

colombotoday

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25ක් !

colombotoday

රනිල් වික්‍රමසිංහ පැරදිලා ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් : Video

colombotoday