Colombo Today Local News

“වල් අලි පිටරටට විකුණා, ඌරන් වඳුරන් හා රිලවුන් මරා දැමිය යුතුයි” – නි.ඇමති කරුණාරත්න

මෙරට භූමි ප්‍රමාණය අනුව සිටිය යුත්තේ වන අලි 4000ක් පමණක් වන අතර, දැනට වනඅලි 6000ක් සිටින බවත්, වැඩිවන අලින් විදෙස් රටකට විකිණීම හෝ වෙනත් ක්‍රමයකින් පාලනය කළ යුතු බවත් නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ, අද (04දා) පැවැති බලන්ගොඩ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

ඌරන්, වඳුරන් හා රිලවුන් වැනි සතුන්ද අසීමිතව වැඩිවී ඇති බවත්, දුලබ සතුන් ආරක්ෂා කිරීම හා සුලබ සතුන් පාලනය කිරීම සිදුකළ යුත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

ඌරන් මරා දැමීමට නීතියෙන් අවසර තිබුණද, ඌරුමස් විකිණීම තහනම් බවත්, මෙය එකිනෙකට පරස්පර නීතියක් බවත් හෙතෙම පැවසීය.
මේ අවස්ථාවට සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය, කමිටු සමසභාපති භාණු මුණිප්‍රිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

ජනපති රාජිතගේ 20න් 14ක් කපා දමයි…

colombotoday

පීඩන අවපාතය ත්‍රිකුණාමලය ආසන්නයේ අද දවස තීරණාත්මකයි

Admin

‘යහපාලනයෙන්‘ බේරාගන්න, මාදුරුඔය ඉහළ රක්ෂිතයේ ගස් මහණ කරයි !

colombotoday

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

colombotoday

ඇමතිලා බේරිලා ජනතාව බිල්ලට දුන්නා – සර්වාගමික නායකයන්ගෙන් ප්‍රබල චෝදනාවක්…

colombotoday

ආර්ථිකය ගැන අනතුරු ඇගවීමක්

Admin