Colombo Today Local News

ජනපති රාජිතගේ 20න් 14ක් කපා දමයි…

ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ඇමැතිවරයා යවා තිබූ විසිදෙනාගේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් 14 කට අඩුකර යවා තිබෙන බවයි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත ෆයිසාල් කාසිම් මහතාද මේ බව තහවුරු කර ඇත.

ජනාධිපතිවරයා මේ ලැයිස්තුවෙන් නම් හයක්ම ඉවත් කර ඇත්තේ තමා සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේදීවත් මෙතරම් විශාල පිරිසක් ජිනීවා සමුළුවට එකවර ගෙන ගොස් නැතැයි පවසමින් යැයිද දැනගන්නට තිබේ.

 

Related posts

පුළුවන්නම් ඉන්න නායකයෝ ටික හදනවා – බැරිනම් එලවනවා – ඥානසාර හිමි

colombotoday

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

රට ආර්ථිකය විනාශ කරන දේශපාලන හෙන්චයියෝ ගැන රවී කියයි

colombotoday

අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් ඉවත් කෙරේ !

colombotoday

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

colombotoday

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday