Colombo Today Local News

ප්‍රබල කොටි 127කට නිකුත් කර තිබූ ඉන්ටර්පෝල් රතු වරෙන්තු ඉවත් කරලා !

ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මගින් පසුගිය කාලයේ රතු නිවේදනය නිකුත් කර තිබූ ප්‍රබල එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් එකසිය විසිනව දෙනකුගේ (129) ලැයිස්‌තුවෙන් ත්‍රස්‌තවාදීන් 127 දෙනකුගේ නම් මේ වන විට ඉවත් කර ඇතැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

කොළඹ ඊයේ (31 දා) පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව අනාවරණය කළේය.

ඒ අනුව මෙරටින් පැන ගිය ත්‍රස්‌තවාදීන් 129 දෙනකු අතරින් දැනට ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ රතු නිවේදන බලාත්මකව පවතින්නේ දෙදෙනකු සඳහා පමණක්‌ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

දෙමළ දේශපාලනඥයන්ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා පොලිසිය මෙසේ කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව නිකුත් කර තිබූ රතු වරෙන්තු ඉවත් කරගෙන තිබෙන බවද සරත් වීරසේකර මහතා අවධාරණය කළේය.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර චෝදනා, මිනිස්‌ ඝාතන, ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම, ත්‍රස්‌තවාදී ක්‍රියාවල යෙදීම ආදී වශයෙන් වූ බරපතළ චෝදනා රැසක්‌ යටතේ මෙම ත්‍රස්‌තවාදීන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබී ඇත.

Related posts

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

colombotoday

රනිගේ ව්‍යවස්ථා යෝජනා පිළිගනු.. බැරිනම් පුනරුත්ථාපනය වෙනු – දඹර හිමියෝ අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ට ගෑස් පෙන්නයි…

colombotoday

ඝාතන කුමන්ත්‍රණය ගැන ශෂී විරවංශගෙන් ප්‍රශ්න කරන්න යයි…

colombotoday

නැව මුදාහැරීමට සෝමාලි මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි.. නැව බේරාගන්නා හැටි සේනාධිපති කියයි (Video)

colombotoday

විරෝධය තාවකාලිකව නවතී.. මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හමුවෙයි

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin