Colombo Today Local News

ඝාතන කුමන්ත්‍රණය ගැන ශෂී විරවංශගෙන් ප්‍රශ්න කරන්න යයි…

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත‍්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගෙන්ද ඉදිරි සතියේ ප‍්‍රශ්න කිරීමට නියමිතය.

මෙම කුමන්ත්‍රණ සිද්ධියට සම්බන්ධ නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ බව කියන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා අවස්‌ථා කීපයකදී විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස්‌ ඒ මහතාගේ බිරිඳ මුණ ගැසී ඇතැයි විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකාර ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ විමල් වීරවංශ මහතා හමුවීමේ අදහසින් තමන් ඒ මහතාගේ බිරිඳ මුණ ගැසුණු බවයි.

විමල් වීරවංශ මහතාගේ ජීවිතයට තර්ජන ඇතැයි තමා පුවත්පත්වලින් දුටු බවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඒ මහතා හමුවීමට උත්සාහ කළ බවත් සැකකාර ඉන්දීය ජාතිකයා ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.

එහෙත් මෙම පුද්ගලයාගේ ඇතැම් ප්‍රකාශ ගැටලු සහගත බවත් එම කරුණු නිරාකරණය කර ගැනීමට ශෂී වීරවංශ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ පැවැති බවද සැකකාර ඉන්දීය ජාතිකයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මෙම ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නාමල් කුමාර නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ දැනුම් දීම අනුවය.

සැකකාර ඉන්දීය ජාතිකයා මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටියි.

Divaina

Related posts

පරාජය දරාගත නොහැකිවූ මංගල සමරවීර තිසරණයෙන් සංඝරත්නය ඉවත් කරයි

colombotoday

මහින්ද කහඳගම CID යට භාර වෙයි

colombotoday

1500ක සහනාධාර පොහොර මිටියක් 3400කට විකුණු ව්‍යාපාරිකයාට වැඩ වරදී | ලක්ෂ 18ක පොහොර අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට පනින එක පුරුද්දක්. ඊට මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ද බල කරනවා.. අපිට ඒක නවත්වන්න බෑ.. – කිරිඇල්ල

colombotoday

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

යහපාලනය රටේ වාසනාවක්.. හිතාගන්නවත් බැරි අය ළගදීම අල්ලනවා.. දැන් දේශපාලන බලපෑම් නෑ

colombotoday