Colombo Today Local News

“විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා” – විද්‍යා ඝාතන සැකකරු අධිකරණයේදී සාක්ෂි දෙයි

යාපනය වෙලනෙයි ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටගසා මිනිසුන් තමන්ට පහදුරන් අවස්ථාවේ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිණී විජයකලා මහේෂ්වරන් පැමිණ තමන් බේරාගත් බව ශවලෝගනාදන් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්වීස් කුමාර් අද (29) යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

මෙහිදී ස්විස් කුමාර් සාක්ෂි ලබාදෙමින් මෙසේ කියා සිටියේය.

” කයිටිස් පොලිසිය මගේ මල්ලි අත්අඩංගුවට ගෙන යාපනයට අරගෙන ගියා.මම මල්ලි බලන්න යන අතරමගදි වේලනෙයි ප්‍රදේශයේදී මිනිස්සු අල්ලගෙන මාව ලයිටි කණුවක ගැට ගහලා පහරදුන්නා.ඒ වෙලාවේ විජයකලා මැඩම් එතනට ආවා.ඇවිල්ලා ඔයා සශිගේ අයියාද කියලා ඇහුවා.එහෙම අහලා එතන හිටපු මිනිස්සුන්ට කිව්වා මෙයාට පහරදෙන්න එපා කියලා.

එහෙම කියලා විජයකලා මැඩමි පැය දෙකක් විතර එතන හිටියා.පස්සේ මගේ ‍නෝනයි, මගේ අම්මයි එතනට ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා මාව බේරන්න කියලා.”

කයිට්ස් අධිකරණය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබු‍වේ විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය සහයෝගය පළකොට ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට ප්‍රදේශවාසීන් විසින් විදුලිකණුවක ගැටගසා පහර දෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය ඔහු බේරාගැනීමට උත්සහා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවලට එක්ව තිබිණි. එම වීඩියෝව පහතින්.

Related posts

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත්

colombotoday

පියා හිසට කෙටු කඩු පහරින් පස් මසක බිළිඳිය මරුට | නැන්දණියගේ අත වෙන් කරලා.. මාමණ්ඩියගේ ඇඟිලිත් කපලා

colombotoday

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

colombotoday

09 වනදා සිදුවීම ගැන මහින්දගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මුස්ලිම් කොන්ග්‍රස් අපේක්ෂකයා මත් පෙති තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday