Colombo Today Local News

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරයි !

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ වර්තමානයේ බ්‍රසීලය ඇතුළු ලතින් ඇමැරිකානු කාලාපයේ රටවල් 5ක ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කරන ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට යුද අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට උතුරු ඇමැරිකාවේ මානව හිමිකම් සංවිධාන කටයුතු කරමින් සිටියි.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා යුද හමුදාව දියත් කළ මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී එනම් 2009 වසරේ යුද හමුදාවේ අන දෙන නිලධාරියකු ලෙස කටයුතු කරමින් රෝහල් වලට පහරදී ජනයා ඝාතනය කිරීමට, අතුරුදහන් කිරීමට සහ වධ හිංසා පැමිණවීමට සිය හමුදා බලඇනි මෙහෙය වූවායැයි චෝදනා නගමින් ඔහුට මෙම නඩුපැවරීම සිදු කර ඇත.

ජයසූරිය මහතා මේ වන විට බ්‍රසීලය, කොලොම්බියාව, පීරු, චිලී, ආර්ජන්ටිනාව සහ සුරිනාම් යන රටවල තානාපති ලෙස රාජ්‍යතාන්ත්‍රකයකු ලෙස කටයුතු කරමින් සිටියි. ජයසූරිය මහතාට චෝදනා නගමින් නඩු පැවැරීමට කටයුතු කරන කණ්ඩායම් ජයසූරිය මහතා තානාපතිධුරය දරන පෙර කී රටවලින් පිටුවහල් කිරීමට අදාල රජයන්ට බලපෑම් කිරීමටද කටයුතු කරමින් සිටියි.

මේ වන විටත් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරා ඇති අතර ආර්ජන්ටිනාවේ, චිලියේ සහ පීරු දේශයේ ඉදිරි දිනවලදී නඩු පැවැරීමට ක්‍රියා කරන බව වාර්ථා වේ. කෙසේ වෙතත් සුරිනාම් රජය මෙම අධිකරණ ක්‍රියා මාර්ගය ප්‍රතික්ෂේප කර ඇත.

Adaderana

Related posts

පාසල් පෙම් නිසා සිසුන් දෙදෙනෙකුගේ හිසට – බෙල්ලට පිහියෙන් ඇනලා

colombotoday

පන්දම් දල්වන් සජබෙ මහබාගේ විරෝධතාවක

colombotoday

“මැද පෙරදිග ගෘහ සේවය හැර රටට ආදායම් ගේන වෙන ක්‍රමයක් නෑ”තලතා යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ සළු ගලවයි

colombotoday

ජනපති පෙරේදා පත්කළ ආණ්ඩුකාරවරුන්ගේ පුටු නැවතත් මාරු කරයි…

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

Admin

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday