ඊයේ (20) මතුගම ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට අනාරාධිතවම පැමිණ ඇති නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා මහා ගාලගෝට්ටියක් ඇතිකරගෙන තිබේ.
යහමින් මත්පැනින් සප්පායම් වී ඇති නියෝජ්‍ය ඇමතිවරයා එම මංගල සාදයට සහභාගී වී සිටි විදේශීය කාන්තාවන් කිහිප දෙනෙකුගේ අගපසග අතපතා ගා ඇති අතර එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එහි සිටි පිරිස සහ ඇමතිවරයා අතර බහින්බස් වීමක් ඇතිව තිබෙන අතර, තත්ත්වය සමතයකට පත්කිරීමට උත්සහා කළ 80 හැවිරිදි පුද්ගලයෙකුට නියෝජ්‍ය ඇමතිවරයා පහර දි තිබෙනවා.
පසුව එම ස්ථානයේ ඉවතට ගිය නියෝජ්‍ය ඇමතිවරයා සිය ගිනි අවිය එළියට ඇද අහසට වෙඩි තබා ඇති අතර, ඔහුගේ ආධාරකරුවන් මනාලයා හා මානාලියගේ නිවස වටකර කෑ කෝ ගසමින් තර්ජනය කර තිබෙන බවද වාර්තා වනවා.