Colombo Today Local News

ඈවරයි ! දෑවරයි !! ජෝන් ද සිල්වා රගහලත් විකුණන්න යයි… යහපාලන කලාකරුවෝ වැළපෙයි !

ජෝන් ද සිල්වා සමරු රගහල විකුණාදැමීමට එරෙහිව ඈවරයි.. දෑවරයි.. මහජන කථිකාවත යන මැයෙන් කලාකරුවන් විසින් සංවිධානය කරන ලද සංවාදයක් පසුගිය 17 වනදා බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේදී පවත්වන ලදි. මෙරට සියළු සම්පක් විකුණාදැමීමේ ප්‍රයත්නය මේ වනවිට ජෝන් ද සිල්වා රගහල පැමිණ තිබෙන බවත් එබැවින් එය පරාජයකර මෙම ජාතික රගහල පෞද්ගලීකරණය කිරීමට ඉඩනොතබා එම වෑයම පරාජය කලයුතු බව මෙහිදි අවධාරනය කරන ලදි.

මෙම මහජන කථිකාවතේ මුලසුන හොබවන ලද්දේ ප්‍රවීණ සාහිත්‍යවේදි ආරියවංශ රණවීර මහතා විසිනි. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසුරිය මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා , නාට්‍යවේදී චන්ද්‍රසෝම බිංදුහේවා මහතා , නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා මෙම මහජන කථිකාවත සදහා අදහස් ඉදිරිපත් කරන ලදි.

ජෝන් ද සිල්වා රගහල විකුණාදැමීමට එරෙහිව සංවිධානය කල මෙම ‘ඈවරයි.. දෑවරයි.. මහජන කථිකාවත’ සදහා ලක්ෂ්මන් විජේසේකර , නිශ්ශංක දිද්දෙණිය , ධර්මසිරි බණ්ඩාරනායක , ඩග්ලස් සිරිවර්ධන , චාමික හත්ලහවත්ත, තුසිත ලක්නාත් , චමින්ද පුෂ්පකුමාර , සදිෂ මොහොට්ටි , ජගත් චන්ද්‍රසිරි , දීපානී සිල්වා , ලලිත් රාජපක්ෂ , ප්‍රියංකරද ද සිල්වා , ධම්මික බණ්ඩාර යන කලාකරුවන්ද සහභාගීවිය. මෙම පිරිසෙන් බහුතරයක් වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සදහා පෙරමුණ ගෙන කටයුතු කළ කලාකාරුවෝ වෙති.

 

Related posts

බිලියනයක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ශ්‍රීලනිප මහ ලේකම්ට එරෙහිව ජනිපෙ අල්ලස් කොමිසමට යයි

colombotoday

දේශීය කර්මාන්ත රැකගන්න මුදල් අමාත්‍යංශය එක්ක රණ්ඩු කරන්න වෙලා

Admin

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

colombotoday

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday