විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.
තමා විසින් ගන්නා ලද තීරණය කිසි විටෙකත් කම්පා ගන්නා වී ගන්නා ලද තීරණයක් නොවන බවත් එය ඉතා ආඩම්බරයෙන් ගන්නා ලද තීරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. මින් පසු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව හෙතෙම කියා සිටියෙය්.
මහබැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගෙන ඒ වෙනුවෙන් මසකට ලක්ෂ 14ක පමණ මුදලක් ගෙවා ඇතත් එහි පදිංචිව සිට ඇත්තේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බව බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ ඉකුත් ජූලි 24 වන දාය.