Colombo Today Local News

මංත්‍රීවරයෙක්ට අත් වූ ඛේදනීය ඉරණම

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ඔහුගේ නිවසේදී ඝාතනය කර ඇත.

කෑගල්ල කොස්පින්න ප්‍රදේශයේ ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැටගසා මෙසේ ඝාතනය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකි.

ඔහු වයස අවුරුදු හැත්තෑ පහක් වූ අයෙක් වන අතර මේ වන විට එම මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

නිවසට ඇතුළු ඝාතකයන් ඔහුගේ බිරිඳගේ කට ගැට ගසා වසා අල්මාරිය විවෘත කර තිබූ බවද පවසන පොලිසිය සැකකරුවන් විසින් පහර දීමෙන් එම කාන්තාවද තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද කියයි.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද මෝටර් රථය අතරමග දමා තිබියදි සොයාගෙන තිබේ.

Related posts

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

Admin

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

කොසොල් රජතුමා දුටු සීන දාසැය – දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 2

colombotoday

උදයංග තවමත් ඩුබායි.. අපි ගිහින් අල්ලන් එනවා – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin