ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (09) පෙරවරුවේ රැස්වීමට නියමිත අතර එහිදී අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙණු ඇතැයි ඉහළ පෙලේ ආරංචි මාර්ග පවසයි.
එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් සගයින් අමතමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.