Colombo Today Local News

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

බැදුම්කර වංචාවගැන පරීක්ෂණ පවත්වන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම හමුවේ අද විදේශ අමාත්‍ය රවී කරුණානායක සාක්ෂි ලබාදෙන ලදි. අද පෙරවරු 10.20ට ආරම්භවූ සාක්ෂි විමසීම අවසන්වූයේ පස්වරු 3.40ට පමණය.

දීර්ඝ ප්‍රශ්නකිරීමටක ලක්වීමෙන් අනතුරුව කොමිසමෙන් පිටව ආ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ නොයෙකුත් ජනමාධ්‍ය ආයතනය සාක්ෂි නැතිවම තමා වරදකරුවෙකු කළ බවයි. තමාට චෝදනා කරන්නේ හතුරන්ට වඩා මිතුරු වෙසින් ළග සිටිනා මෙම වරදට සම්බන්ධ වූ පුද්ගලයන් බවත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ තමා හට වරද පටවා නිවැරදිකරුවන් වීමට යැයිද හෙතෙම කියා සිටියේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතැම් අය සනසා උසස්වීම් ලබාගැනීමේ අරමුණෙන් තමාට එරෙහිව ක්‍රියාත්මක වී සිටින බවද ඇමතිවරයා ප්‍රකාශ කළ අතර, නීතිපති දෙපාර්තමේන්තුව පවතින්නේ කා යටතේදැයි ප්‍රශ්න කරද්දී, උත්තර නොදී අමාත්‍යවරයා ස්ථානයෙන් පිටව ගියේය.

[fbvideo link=”https://www.facebook.com/FutureSriLanka1/videos/471292969902968/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

ජනපතිතුමාට කියා මාස 3 කින් පරවිපාංජාන් හමුදා කදවුර ඉවත් කර දෙනවා – විජයකලාගෙන් සහතිකයක් !

colombotoday

ඇඹිලිපිටියේ ‘පොලිස් බොරු’අතේ පත්තුවෙයි. ගෝෂාවක් ඇතැයි 119ට කීවේ පොලීසියෙන්මයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් අතහරී… මහින්ද එන ඡන්දයේදී ස්වාධීන වෙයි

colombotoday

“ඩයස්පොරා තහනම ඉවත් කරලා, සංහිදියාව වෙනුවෙන් වැඩ ගොඩක් කරලා.. ඒත් මානව හිමිකමුත් කඩලා” ඇමරිකාවෙන් වාර්තාවක් එයි

colombotoday