Colombo Today Local News

“රටට සිදුවෙන සියළු දේට වගකියන්න ඕන ආණ්ඩුවට මුක්කු ගහපු හතළිස් පස්දෙනයි” – දිලුම්

මේ රටට සිදු වෙන හැම දේටම වගකියන්න ඕනේ වෙන කවුරුත් නෙවෙයි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්දය අරන් යහපාලන ආණ්ඩුවට මුක්කු ගහපු අපේ හතළිස් පස් දෙනායැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතා පැවසිය.

මන්ත්‍රි වරයා එම අදහස් පළකළේ පෙරේදා (30) පෙරවරුවේ කටුගස්තොට බෞද්ධ බල මණ්ඩල ශාලාවේ පවත්වන්නට යෙදුන හාරිස්පත්තුව ආසනයේ පොදුජන පෙරමුණු ක්‍රියාකාරින් ග්‍රාමිය මට්ටමින් බල ගැන්විම සදහා වු රැස්විමට සහභාගිවෙමිනි.

අමුණුගම මහතා මෙසේද කිය. පසුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට තිබු‍ෙණ් ආසන 106 යි. ඒක සුළුතර ආණ්ඩුවක් හදන්ටත් මදි. අපේ පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් අප ඔබ පත් අය ලැජ්ජා නැතුව මුක්කු ගහලා ආණ්ඩුවක් පිහිටුවාගෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති වලට අත උස්සලා අද රට විනාශ වෙලා.

අපිට ප්‍රශ්නයක් නැ ඒ ගිය අය ගෙනෙන යෝජනාපලට විදුද්ධ වෙලා මේ රජයේ දෙපොළ ආරක්ෂා කරලා ජනතාව පැත්තෙන් හිතනවනම්. එයාලා කරන්නෙත් ඒවට සහයෝගය දිදි තම තමන්ගේ සාක්කු ගැන හිතලා රට විනාශ කරන එක. මේ රට තියෙන්නේ අවධානම් තත්ත්වයක‍ අනාගතයේ ජනතාවට රටක් නැතිවේවි.

එදා එජාපයේ තිබුණ ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙලා තමා බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ අපේ නායකයින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බිහිකළේ. ආරක්ෂා කළේ. ඒත් අද පක්ෂය රකින්ට බොරුවට කැගහන අය ඒ පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරලා නැ. කරලා තියෙන්නේ පක්ෂය මුවාවෙන් පාක්ෂිකයින් රවටලා ඡන්දය අරගෙන පක්ෂයයි පාක්ෂිකයයි දෙකම පාවා දෙන එක.

අද නියම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් ඉන්නේ පොදුජන පෙරමුණේ. ඒක හැම කෙනෙක්ම දන්නවා. අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ රටට සුවිශාල සේවාවක් ඉටු කළා. ඒක කවුරු නොදත්තත් මේ රටේ ජනතාව දන්නවා. ඒකයි ජනතාව පෙළ ගැසෙමින් ඒ නායකත්වය වටා එක්රොක් වෙන්නේ. අද මේ ආණ්ඩුව පෙරලන්න ඕනැකම තියෙන්නේ අපටත් වඩා මේ ආණ්ඩුවට ඡන්දය දිපු අයට. ඒ වෙන කිසිදෙයක් නිසා නෙවේ ඒ ගොල්ලන්ව රවටපු තරහ හිතේ තියෙන නිසා යැයිද දිලුම් අමුණුගම මහතා පැවසිය.

මෙම අවස්ථාවට ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පළාත් සභා මන්ත්‍රිවරු ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරින් විශාල ප්‍රමාණයක් සහභාගිවුහ.

Related posts

බාල වානේ කම්බි වෙළදපොළේ – සාදර අනුග්‍රහය පාරිභෝගික අධිකාරියෙන්

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

colombotoday

“මඩ පුවත් පලකලාට මගේ ලේකම්, රුවන් ඉවත් කරන්නේ නෑ” මංගල කියයි – පුවත පලකල ඊ නිව්ස් නියෝජිතයාත් මංගලගේ ලේකම්වරයෙක්

colombotoday

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී ! – විකල්ප බලවේගයකට රතන හිමිගෙන් සැලසුම්.

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

“අපේ දේශපාලන සතුරන් අද එක කදවුරකට ඇවිත්.. අපට වටකරගෙන ගහනවා” නිශාන්ත වර්ණසිංහ

colombotoday