හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් ජනාධිපතිවරයා වෘත්තීය සමිති නොමග යැවූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.
සියලු දෙනා විරුද්ධ වී සිටියදී ගිවිසුමට අගෝස්තු පළමු වැනිදා සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස පවසා ජනාධිපතිවරයා වෘත්තීය සමිති මුලාකළ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී ආණ්ඩුවට වර්ජන හා උද්ඝෝෂණ රැල්ලකට මුහුණ දීමට සිදුවන බවත්, ඒ සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ දිනවල පෙළගස්වමින් සිටින බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.