Colombo Today Local News

“ගිවිසුම නීතිවිරෝධීයි.. හම්බන්තොට චීනෙට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා” ඇමති විජේදාසගෙන් දැඩි විරෝධය

හම්බන්තොට වරාය චීනයට පැවරීම සදහා වන කැබිනට් පත‍්‍රිකාවට අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලය තුලදීම කරුණු හතක් යටතේ විරෝධය පල කර ඇත.

යෝජිත ගිවිසුම නීතී විරෝදී බවත් වරාය අධිකාරී පනත යටතේ වරායක් විකිණීම හෝ බදු දීමට වරාය අධිකාරියට බලයක් නැතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා මෙම ගණුදෙනුව වාණිජමය ගණුදෙනුවක් නොව ඉන් එහා ගිය දේශපාලන ගනුදෙනුවක් බවද පෙන්වා දී ඇත.

‘චීන රජය විසින් මෙම වරාය අයිති කර ගැනීමත් සමග ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය අප සමග ගැටුම් ඇති කර ගනීවි. 99 අවුරුදු බද්දක්කට දීම යනු පරම්පරා හතරක් ගතවන තුරු අපට වැඩක් නෑ. අපි මේකට පිහිණුම් තටාකයක් කිවුවත් දැන් මේක චීනයට ගත්තායින් පසු කොළඹට එන නැවුවලින් 90%ක් නතර වෙනවා. එදාට කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා. හම්බන්තොට චීන කොලනියක් වෙන එක වලක්වන්න බෑ’ ආදී වශයෙන් දීර්ග ලෙස ඇමතිවරයා සිය විරෝධය පල කර ඇති අතර ඇමති මණ්ඩලයේ සියළු දෙනාම පාහේ එම අදහස් දැක්වීමට විරෝධතාවය පල කර ඇත.

Lankacnews

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට

colombotoday

ETCA අත්සන් කර, දකුණු ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කළාපයක් – අගමැති ඉන්දියාවේදී යෝජනා කරයි

colombotoday

අද ඩොලරය රු.299යි

colombotoday

ජනපතිගේ සමනළියන් ජනපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියනවා – හිරුණිකා හෙළිකරයි

colombotoday

තලතා සහ මද්දුමබණ්ඩාර පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙළනවා – එජාපයෙන් නිවේදනයක්

colombotoday

බැඳුම්කර වංචාව ගැන විශේෂ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපති ඉල්ලයි

colombotoday