Colombo Today Local News

තලතා සහ මද්දුමබණ්ඩාර පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙළනවා – එජාපයෙන් නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සමාජික ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ  මහාචාර්ය ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විශේෂ නිවේදනයක්  නිකුත් කර තිබේ.

පක්ෂ ප්‍රතිසංවිධාන පිළිබඳව නිරිදේශ ඉදිරිපත් කිරිම උදෙසා පත් කරන ලද කමිටුවේ සමාජිකයින් දෙපලක් වන රංජිති මද්දුමබණ්ඩාර හා තලතා අතුකෝරළ යන මහත්මින් විසින් පුවත්පත් සාකච්ජාවක් පවත්වා සිය පුද්ගලික අදහස් සහ මතිමතාන්තර ප්‍රසිද්ධියේ පළ කිරිම සම්බන්ධ දැඩි කම්පාවට පත් වන බව ඔවුහු පවසති.

එය කමිටුව වෙත පැවරි තිබුණු වගකිම් පැහැර හැරිමක් සේම , පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙළිමක්  බව ඔවුහු පවසති.

ඔවුන්ගේ අදහස් දැකිවිම කළ යුතුව තිබුණේ කමිටුව තුළදි මිස වෙනත් වේදිකාවක නොවන බවත් පක්ෂයේ සමගිය සහ උන්නතිය අපගේ පරම අපේක්ෂාව වන හෙයින් ඔවුන් දැක්වු අදහස් වලට පිළිතුරු බැදිමට හෝ පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳව අපලේ අදහස් ප්‍රසිද්ධියේ පළ කිරිමට අප අදහස් නොකරන බවත් ඔවහු වැඩිදුරටත් පවසති.

Related posts

විපක්ෂ නායකධූරය රනිල්ට

colombotoday

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

කෘෂිකර්මාන්තයට මුල්තැන දෙන ජාතික ප්‍රතිපත්තියක් !

colombotoday

චම්පික රණවක හෙළ උරුමය අතහැර එජාපයට !

colombotoday

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

colombotoday

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

colombotoday