Colombo Today Local News

හමුදා කඳවුර ඉවතට.. මුලතිව්, කෝපාපිලව් තවත් ඉඩම් අක්කර 189ක් මුදාහැරේ !

මුලතිව් කෝපාපිලව් ප්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 189ක් එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට හෙට (19දා) දිනයේදී ලබාදීමට නියමිතය.

යුද හමුදා කඳවුරක් පවත්වා ගෙන ගිය මෙම භූමිය මුදාගැනීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 05ක
මුදලක් වැයකර තිබේ. මීට පෙර අවස්ථාවකදී මෙම ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 279ක් මුදාහැරීමට රජය කටයුතු කර තිබිණි.

අදාළ ඉඩම් කොටස් හෙට (19දා) අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට ලබාදීමට නියමිතය.

Related posts

LTTE සංවිධානය වළ දමා තිබූ ගිනි අවි ගොඩගෙන ප්‍රවාහනය කිරීමේ නඩුවෙන් ගනේමුල්ලේ සංජීව ඇතුළු 11ක් නිදහස්

colombotoday

සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

colombotoday

පූර්ණ ජනාධිපති සමාව ඉල්ලන්න රංජන් ජනාධිපති කාර්‍යාලෙට

Admin

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසේ

Admin

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

colombotoday

වෘතිය සමිතියක් ආරම්භ කලාට ස්වර්ණවාහිනී සේවකයන් 15 ක් රැකියාවෙන් දොට්ට

colombotoday