විල්පත්තු ප්‍රදේශයේ පැවැති වනගහනය හේතුවෙන් වනය යට සැඟවී තිබූ විල් රාශියේ උල්පත් ජලය – වාෂ්පීකරණයෙන් අනුරපුර දිසාවට වැහිඵල ලැබුණා. නමුත් මේ ප්‍රදේශයේ පැවැති මූකලාන් අක්‌කර දහස්‌ගණනක් අනවසර කරුවන් විසින් එළි පෙහෙළි කිරීම නිසා දැඩි හිරු රැසින් විල්දිය සිඳී ගොස් උල්පත් වේලී ගොස් වාෂ්පීකරණයට ජලය නොමැති වීමෙන් අනුරාධපුර ප්‍රදේශයට වැසි ජලය හිඟ වී නියඟය උග්‍ර වී ඇතැයි තන්තිරිමලේ මහවිලච්චිය ආදී ප්‍රදේශවල කාන්තාරීකරණයට අදාළව පර්යේෂණ පවත්වමින් සිටින ආචාර්ය එම්.යූ.ඒ තෙන්නකෝන් මහතා පැවසීය.
අනුරාධපුර බටහිර ප්‍රදේශයේ තන්තිරිමලේ උපතිස්‌සගම විලච්චිය ඔයාමඩුව ආදී ප්‍රදේශවල දැනටමත් කාන්තාරීකරණයේ මූලික ලක්‍ෂණ පහළ වෙලා. ප්‍රදේශය පුරා මිටිගස්, කටුපඳුරු, කටුවැල්, මොණර ගහනය වැඩිවෙලා. මේවා කාන්තාරීකරණයේ මූලික ලක්‍ෂණ, මේ විදියටම දියඋල්පත් සහිත විල්වලින් පිරීතිබූ විල්පත්තු ප්‍රදේශයේ මූකලාන් අක්‌කර දහස් ගණනක් එළි පෙහෙළි කිරීම නිසා එම ප්‍රදේශයේ පැවති විල්දිය සහ දිය උල්පත් සිඳී යාමෙන් වාෂ්පීකරණය ඇනහිටීමෙන් අනුරාධපුර ප්‍රදේaශයට වැස්‌ස හිඟ වී දැඩි නියඟයක් පැතිරෙමින් පවතිනවා.
කිසිදු දුර දැක්‌මක් වග විභාගයක් නැතිව හිතුවක්‌කාර විදියට අනවසරයෙන් විල්පත්තු ප්‍රදේශයේ මහ කැලය කපා අක්‌කර දහස් ගණනක් එළි පෙහෙළි කිරීම නිසා අනුරාධපුරයට නොනවතින නියඟයක් ඇති විය හැකියි. මේ අන්දමට අක්‌කර දහස් ගණනක කැලය කපා එළි පෙහෙළි කරන තුරු ආණ්‌ඩුවේ බලධාරීන් නිදිය.
රටේ සාර භූමිය වූ අනුරාධපුරයේ වැව් 3472 ක් බැඳ වතුර පුරවා පැරණි රජ දරුවන් අනුරාධ පුරය බත්රටක් කළා. දැන් අනුරාධපුරයේ දැවැන්ත ජලගබඩා ටැංකි පිහිටුවා ඒවාට පිටතින් ජලය ගෙනැවිත් පුරවන්න වෙලා.
මේ අන්දමට විල්පත්තු මහකැලය කපා විනාශ කිරීම ජාතික අපරාධයක්. අනුරාධපුරය විනාශ කිරීමක්. ආචාර්ය එම්. යූ. ඒ. තෙන්න කෝන් මහතා විස්‌තර කළේය.
එප්පාවල – රත්න බී. ඒකනායක