Colombo Today Local News

‘මට කියන ජාති මම දන්නව.. මහත්මා ගාන්ධි තරම් මම තවම බැනුම් අහල නෑ‘ – ජනපති

තමාට එල්ල වන නින්දා අපහාස පිළිබඳව දන්නා බවත් එස්.ඩබ්.ආර්. බණ්ඩාරනායක මහතා හෝ මහත්මා ගාන්ධි තරම් තවමත් තමන් බැනුම් අසා නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඊයේ (09) වැලිකන්ද සිංහපුර දී ජනනපති වරයා මේ බව පැවැසීය“විවේචන ඒනවා, දෝශාරෝපණ එනවා, නින්දා අපහාස උපහාස ගල් මුල් ඒවා දේශපාලන ලෝකයේ ස්වභාවික දේවල්. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා දුක් වින්ද තරම් මම දුක් විදලා නෑ තවම. එතුමා අවරුදු තුනයි හිටියේ මරලා දැම්ම.

ඇමති මණ්ඩලය කැබිනට් වර්ජනය කළා. කැබිනට් ‍රැස්වීමට යන්නේ නැතිව. අවුරුදු තුනට එක දිගට වැඩ වර්ජන පෙලපාලි උද්ඝෝෂණ. බණ්ඩාරනායක මැතිතුමාට සෙවල බණ්ඩා කිව්වා. කොන්ද පණ නෑ කිව්වා. මටත් කියන ඒවා දන්නවා නේ. මේ ඉන්න අය. මහත්මා ගාන්ධිතුමා ඉන්දීය ජාතික සටන කරනකොට එතුමාට කරපු නින්දා අපහාස, මේ නාකියා මේ මහල්ලා ඉන්දියාව විනාශ කරනවා කිව්වා.

අද මුළු ලෝකයම මහත්මා ගාන්ධිතුමාට ගරු කරනවා. ඒ නිසා අපට තිබෙන ඒ සියලු අභියෝග ජයග්‍රහණය කරගෙන රටක් විදිහට ආණ්ඩුවක් විදිහට අපි ඉස්සරහට යනවා. විවේචනවලට අභියෝගවලට බය නෑ. අභියෝගවලට බයනම් එදා ආණ්ඩුවෙන් එළියට එන්නේ නෑ. ඒ නිසා ඒ අභියෝගය භාර ගත්තා.”

Related posts

“මැතිවරණ කොමිසම දේශපාලනය කරනවා” පැවසු විමල්ට මැකෝ ශිෂ්ඨත්වය උගන්වයි.

colombotoday

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday

‘වැඩ බැරි ඇමතිවරු ආයතන ප්‍රධානීන් ඉවත් කරන්න’

Admin

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday