මහාචාර්ය සරත් විජේසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදමුයි කී ඔහු දැන් වෙන කතාවක් කියන බවත් ජනපතිවරයාගේ නිළ නොවන ප්‍රකාශකයා ලෙස මේ දිනවල කටයුතු කරන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. යහපාලනය ගෙන ඒම සදහා කැපවී කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරිය මොළයේ අර්ශස් රෝගියෙකු බවද අමත්‍යවරයා පවසයි.
බදුල්ලේ පැවති රැස්වීමක් අමතමින් අමත්‍යවරයා දැක්වූ එම අදහස් ඇතුළත් වීඩියෝව පහතින්.
[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1778073272428553/” width=”500″ height=”400″ onlyvideo=”1″]
කෙසේ වෙතත් ජාතික පුවත්පතක් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් ඔහුගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ බව සදහක් කර ඇති බවත්, එය සාවද්‍ය ප්‍රකාශකය් බවත් සදහන් කරමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා ෆේස්බුක් ඔස්සේ මෙසේ නිවේදනයක් නිකුත් කර තිබිණි.