හෙට දිනයේදී ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් වර්ජනය නවතා දැමිමට බස් සංගම් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා බස් සංගම් නියෝජිතයින් අතර අද පෙරවරුවේදි සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවෙන් පසුව වර්ජනය නවතා දැමීමට ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
බදාදා සවස 3.30 දක්වා සිය ගැටලු සඳහා පිළිතුරු ලබාදීමට ජනපතිවරයා පියවර ගන්නා තෙක් වර්ජනය නිමා කර ඇති බවද වාර්තා වෙනවා.