Colombo Today Local News

ආර්ථිකයට අන්තිමයි.. අගමැති‍‍ තිත්ත බේත අඹරනවා.. ඉස්සරහට තව අමාරු වෙයි

lal kantha

මෙරට තුළ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව ජාතික ආණ්ඩුවේ දෙපාර්ශවයම විවිධ තර්ක මතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ණය බදු බර හා බිඳවැටෙන ආර්ථිකය යන තේමාවෙන් ඇඹිලිපිටියේ දී පැවති සම්මන්ත්‍රණයක දීය.

එහිදී අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සහ ශ්‍රීපනිපයෙන් ආණ්ඩුවට එකතුවුණු කණ්ඩායමක් ඉන්නවනේ, ඒ මුළු කණ්ඩායමම උත්සහ කරනවා මේ ජනතාව මුහුණ දීලා තියෙන අළුත් අර්බුද ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ එජාපයේ වැඩක්ය කියලා ඒත්තු ගන්වන්න. ඒ ශ්‍රීලනිප පාක්ෂිකයින්ට කියන්නේ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ එජාපය උත්සහ කරනවා දැන් ඇතිවෙලා තියෙන අර්බුධ සියල්ල පසුගිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන සමය විසින් ඇතිකළ එකක්ය බවට. ලෙස කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශකළේ අගමැතිවරයා පෙර කීවාක් මෙන් ජනතාවට තිත්ත බෙහෙත් බීමට සිදුවන බවත් ඉදිරියේ දී රට තුළ පවතින අර්බුධ තව තවත් උග්‍ර විය හැකි බවත් ය.

Related posts

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

colombotoday

ලේකම්වරු අස් නොකලානම් තමුසෙලා විපක්ෂයේ – සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්

colombotoday

බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

Admin

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

Admin

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

colombotoday