Colombo Today Local News

හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !

tna 265

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් ඉදිරිපත් කළ වාචික වාර්තාව සාදරයෙන් පිළිගන්නා බව දෙමළ ජාතික සන්දානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා වගවීම සම්බන්ධයෙන් ඇති අවස්ථා හා අභියෝග මෙමගින් නිවැරදිව හදුනාගෙන ඇති බවයි.

හමුදා පාලනයේ තිබෙන ඉඩම් නිදහස් කිරීම ප්‍රමාද වීම, ත්‍රස්තවාද වැළැක්වීමේ පනත තව දුරටත් භාවිතයේ තිබීම, එම පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් කරන බවට රජය තමන්ට ලබාදුන් පොරොන්දු තවමත් ඉටු නොකිරීම, උතුරු නැගෙනහිර පාළාත්වල සිවිල් වැසියන් තවදුරටත් සෝදිසි කිරීම්වලට ලක්වීම යන ගැටළු කිහිපයක් තමත් පවතින බවත් මානව හිමිකම් ක්ෂේත්‍රයේ ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ මන්දගාමීව බවත් එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ මහකොමසාරිස්වරයා අඛණ්ඩවම මැදිහත් වීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි.

ශ්‍රී ලංකා රජයේද සහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලි වහා ක්‍රියාත්මක කළ යුතු බවත්, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම සදහා ජාත්‍යන්තර විනිසුරුවන් මැදිහත්වන ‘හයිබ්‍රිඩ්’ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළයුතු බවත්, මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් පසුගියදා පැවති මානවහිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ සිය වාචික ප්‍රකාශයෙන් සදහන් කර තිබිණි.

Related posts

හාමුදුරුවෝ හිරේ දැම්මා. සිංහලයාට අභියෝග කලා. අපි පැරදුනේ ඒ නිසයි. මනුෂ නානායක්කාරගෙන් ස්වයං විවේචනයක්

colombotoday

විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

colombotoday

වලානගොඩ නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් කටුනායක දී පළායයි.

colombotoday

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි

Admin

නියෝජ්‍ය නීතිපති යසන්ත කෝදාගොඩ විදේශ ඇමති මංගලගේ පාටියේ.- නීතිය වල පල්ලට

colombotoday

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩ

Admin