Colombo Today Local News

“පාරවල්වල කුණු අදින්න හමුදාව දාන්න.. රාජපක්ෂලත් එහෙම කරා“ – රාජිත ජනපතිට කියයි

මහා මාර්ග දෙපස එකතු වන කසළ නිසි පරිදි ඉවත් නොකිරීම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ද බලපා ඇති නිසා එයට තාවකාලික විසඳුමක්‌ වශයෙන් සති දෙකක කාලයක්‌ සඳහා හදිසි ආපදා තත්ත්වයක්‌ ප්‍රකාශයට පත්කර ත්‍රිවිධ හමුදා හා පොලිස්‌ නිලධාරීන් යොදවා එම කසළ ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

කසළ කළමනාකරණය සඳහා දැඩි නීති රීති ගෙන ආ යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය ඇමැතිවරයා කොළඹ නගරයේ ඇතැම් ස්‌ථානවල ගොඩගැසී ඇති කසළ ඉවත් කිරීම හා පවිත්‍ර කිරීම ත්‍රිවිධ හමුදාව හා පොලිසිය යොදවා සිදුකළ යුතු බවද කියා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන මදුරු මර්දන වැඩසටහන් සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවකදී ඔහු එබව සඳහන් කළේය.

පසුගිය රජය සමයේ දී හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ද කසළ කළමනාකරණය හා පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකරන ලද්දේ ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් බවද ඇමැතිවරයා කීවේය.

Related posts

රංජන් ඉරාජ්ගෙන් රුපියල් කෝටි 10ක් ඉල්ලයි

colombotoday

හැබැයි බාරගත්ත ගමන් ලොකුවට කරන්න බෑ

Admin

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin

අද එල්.පී.එල් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිකන් බලන්න අවස්ථාව

Admin

හෙද වෘත්තිය සමිති වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

ශ්‍රී සුමංගල විදුහලේ රාමසාන් සමරන්න ගිහින් උණුසුම් තත්ත්වයක්.. දෙමාපිය විරෝධයෙන් සංහිදියා නාඩගම අකුලාගනී

colombotoday