Colombo Today Local News

බැදුම්කරේ මාරපන වාර්තාව ද්වේෂ සහගතයි – අගමැති විසිකර දමයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සදහා අද ඉදිරිපත් කල බැදුම්කර කොමිසම සදහාවූ වාර්තාව සාකච්ඡාවට නොගෙනම විසිකර දැමීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.

මෙම වාර්තාවේ සදහන් කරුණු ද්වේෂ සහගත අයුරින් සකස් කර ඇතිබව ප්‍රකාශ කල අග්‍රාමාත්‍යවරයා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් බැදුම්කර ගණුදෙනුවට අදාල වරදක් සිදුවී ඇත්ද යන්න තමන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසූ බවත් නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට දැන්වූයේ එවැනි කිසිදු වරදක් අමාත්‍යවරයා සිදුකොට නොමැති බවත්ය.

එහෙයින් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට බැදුම්කර සම්බන්ධයෙන් මාරපන වාර්තාව එල්ල කරන චෝදනා පිළි නොගන්නා බවද අමාත්‍යවරයා නිදොස් කොට නිදහස් කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

රත්නපුර,ඇල්ල ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනෙක් අතුරුදන්

colombotoday

මහනුවර ගිනි නිවෙද්දී ආණ්ඩුවේ ගනි යළි ඇවිළේ.. අගමැතිට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිප ඇමතිලාගේ සහය ස්ථීර කරයි

colombotoday

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

colombotoday

සේවයෙන් පැන ගිය ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

තොණ්ඩා සහ මාලිමාව ගැටෙයි

Admin

ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday