Colombo Today Local News

බොදු බල සේනා ප්‍රධානීන්ට, ක්‍රියාකාරීන්ට මරණ තර්ජණ – පාර්ශව කිහිපයකින් අනතුරු ඇගවීම් !!

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හෙළිදරව් වීමත් සමග බොදු බල සේනා සංවිධානයේ නිලධාරීන් සහ එහි ක්‍රියාකාරී සාමාජිකයන්ගේ ජීවිත ද දැඩි අවදානමකට ලක්ව තිබෙන බව එම සංවිධානයට සමීප ආරංචි මාර්ග සදහන් කරයි. මේ හේතුවෙන් එහි නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ ගමන් බිමන් සීමා කිරීමට පවා සිදුව තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

පාතාලය යොදවා ඥාණසාර හිමියන් ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකින් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර, ප්‍රකාශයක් ලබා ගැනීම සදහා එහි ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පොලිස් මූලස්ථානය වෙත පසුගිය දා කැදවා තිබුණා.

දිලන්ත විතානගේ මහතාට සහ අනෙකුත් නිලධාරීන්ට කලත් තිස්සේ එල්ල වෙමින් පැවති ජීවිත තර්ජණ මෙම සිදුවීමෙන් පසුව වඩාත් අවධානම් තත්වයකට පත්ව තිබෙන අතර, අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් කිහිප දෙනෙකුද නිල නොවන මට්ටමෙන් අනතුරු අගවා ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

මේ අතර පෙරේදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කැබිනට් ප්‍රකාශක, ඇමති රාජිත සේනාරත්න පසුගිය දිනවල මුස්ලිම් වෙළදසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයට සෘජුවම චෝදනා කර තිබිණි.  අදාළ සිදුවීම් සම්බන්ධයෙන් කෙරෙන පොලිස් පරීක්ෂණවලදී එයට වගකියයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය නොකරගෙන තිබියදී ඇමතිවරයා විසින් තම සංවිධානයට එල්ල කරන සාවද්‍ය චෝදනා හේතුවෙන් තම ක්‍රියාකාරීන් ඉස්ලාමීය අන්තවාදී කොටස්වල ද දැඩි වෛරයට පාත්‍රවී සිටින බවද එහි ප්‍රකාශකයකු පැවසීය.

Related posts

පොලීසිය මාර්ග බාධක ඉවත්කරගනී.. වැලිකන්දේ සිට පාගමනින් මඩකලපුවට !

colombotoday

සෞඛ්‍ය නිලධාරිනියකට “හිරු CIA“ ප්‍රහාරයක්.. ගම් වැසියන්ගෙන් හිරුට විරෝධය (Video)

colombotoday

නව ජනමාධ්‍ය ඇමති වැඩ භාර ගනී

colombotoday

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin

හෙටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

මහපොළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

colombotoday