Colombo Today Local News

අනුරාධපුරයෙන් එවූ ආධාරවලටත් වජිර නම ගහගෙන.. දුමින්දට ඩබල් මල පනී !

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නම සඳහන් වූ ලිපියක් සහිතව බෑගයක බහාලමින් ගාල්ල දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමට යවා ඇති ආධාර පාර්සල්වලින් එම බෑගය සහ ලිපිය වහාම ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (04දා) දුරකථනයෙන් දන්වා ඇතැයිද වාර්තාවේ.

ජනතාව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවට ලබාදී ඇති අධාර පාර්සල්වලට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නම සඳහන් බෑග්වල අසුරා ග්‍රාමනිලධාරී කාර්යාලවලට යවා තිබෙන බවත්,මෙම පාර්සල්වලට අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලිපියක්ද බහා තිබෙන බවත් නෙළුව ආපදා සහන කමිටු රැස්වීමේදී ජනතාව විසින් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී දිසානායක මහතා මේ බව පවසා සිටියේය.

අනුරාධපුරයෙන් එවූ අධාර පාර්සල්ද ‘ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සුළු තිළිණයක්’ මැයෙන් සඳහන් ලිපියක් සහිත බෑග්වල දමා බෙදාදී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව දිවයිනේ කිසිදු ස්ථානයක දේශපාලන වාසි වෙනුවෙන් මේ ආකාරයට අධාර පාර්සල් බෙදානොහරින ලෙසද පවසා සිටියේය.

පරිත්‍යාශීලීන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බාරදෙන භාණ්ඩ ස්වදේශ කටයුතු යැයි සඳහන් ලේබල් යටතේ බෙදාහරිමින් තිබෙන බව කැෆේ සංවිධානය චෝදනා කරයි.

මීට අමතරව භාණ්ඩ බෙදාහැරීමේදී නිලධාරීන්ට ‘ස්වදේශ සේවා’ යනුවෙන් සඳහන් ටී ෂර්ට් අන්දවා අදාළ භාණ්ඩ බෙදාදීමට කටයුතු කරන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ප්‍රා‘දේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් දක්වා සහන සැලසීමේ යාන්ත්‍රණය හිමි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දේශපාලන වාසි ලබාගැනීමේ ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවන් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

QR කේතයට පිටින් ගිය IOC පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයීම අත්හිටුවයි

Admin

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Admin

ගම්මන්පිලගේ නඩුවේ සාක්ෂි බිදවැටේ.. බොරු කියූ බව ඕස්ට්‍රේලියානු සාක්ෂිකරු පිළිගනී

colombotoday

කොරෝනා මේ රටට බෝ කලේ මේ ආණ්ඩුවයි – එස්.එම් මරික්කාර්

colombotoday

උතුරට යනවානම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ගන්න වෙයි.. මැයි තුන සිට ක්‍රියාත්මකයි

colombotoday

රාජ්‍ය සේවකයින්ට ගෞරවය රැකෙන ඇඳුමකින් සැරසී එන්න අවසර

colombotoday