Colombo Today Local News

ඇගපුරා තුවාල.. මස් කපන්නේ වැසිකිළියේ.. කල් ඉකුත්වූ කෑම.. මේ හෝටලෙන් කැවොත් අබ සරණයි !

ආහාර පාන යනු ඉතාමත් පිරිසිදුව, නැවුම්ව තැබිය යුත්තක්. මුදලට ආහාර විකුණන අපේ රටේ බොහෝමයක් ආපන ශාලාවල පිරිසිදුකම, ප්‍රමිතිය ගැනනම් අහන්න ලැබෙන්නේ එතරම් හොද කතා නෙවෙයි.

මේ දිනවල සමාජ ජාලාවල හුවමාරුවන තවත් එවැනි අපිරිසිදු ආපන ශාලාවක ඡායාරූප කිහිපයක් මේ. බලන්න, මොන තරම් පිළිකුල්ද. මස් කපන්නේ වැසිකිළියක් තුළ. ඒ වගේම හෝටල් සේවකයන්ගේ අත් පා, ඇදුම්වල තියන අපිරිසිදුකම !

මේ මඩකලපුව පැත්තේ හෝටලයක් කියලයි සමාජජාලාවල අදහස් දක්වා තිබෙන අය කියන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් මෙම හෝටලය සීල් තබා ඇති බවත් සදහන්.

මෙවැනි ස්ථාන සීල් තැබීමේන්, අත්අඩංගුවට ගෙන හෝ අවවාද කලත් නැවතත් ඒ දේම සිදුවිය හැකියි. මොකද මෙවැනි දේවලට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය අපේ රටේ එතරම් බලවත් නොවන නිසා. අනුගමනය කල යුතු එකම දේ වන්නෙ වඩාත් සොයා බලා මෙවැනි ආපනශාලා මග හැරීමයි කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.

ඡායාරූප පහතින්

Related posts

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

colombotoday

හෙරොයින් සමහ කතක් බියගමදී අත්අඩංගුවට

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin

ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජනපති රනිල් අරඹයි

colombotoday

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday

පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගහලා… රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි..

colombotoday