Colombo Today Local Newsfeatured

ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජනපති රනිල් අරඹයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද “එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය” විසින් ලබා දුන් අවසන් වාර්තාවේ සඳහන් එක් නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කරමින් මහජන ආරක්ෂක ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතු කර ඇත.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ලබා දී ඇති නිර්දේශ අතර මේ පිළිබඳව මෙසේ සඳහන් කර ඇත.

  1. දණ්ඩ නීති සංග්‍රහයෙහි 365 සහ 365අ වගන්ති මගින් සිදු කොට ඇති සමලිංගික සේවනයෙහි යෙදීම අපරාධමය වරදක් බවට පත් කිරීම ඉවත් කරමින් එකී වගන්ති සුුදුසු පරිදි සංශෝධනය කිරීමට නිර්දේශ කරනු ලැබේ. කෙසේවෙතත් සමලිංගික විවාහය යන සංකල්පයට කවර ආකාරයකින් හෝ නෛතික වලංගුතාවක් ලබා නොදිය යුතු බවට තවදුරටත් නිර්දේශ කරනු ලැබේ.
  2. මෙරට තුළ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ගත හැකි ආරම්භක පියවරක් වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනටමත් නිකුත් කර ඇති පොදු චක්‍රලේඛ අංක 01-34/2016 දරන “සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සදහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීම සදහා වූ සහතිකය නිකුත් කිරීම” යන මැයෙන් යුත් චක්‍රලේඛයෙහි පවත්නා නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් විශෙෂයෙන්ම එකී නිර්දේශයන් අතර පවත්නා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට අයත් අයවලුන්ගේ අනන්‍යතාව පිළි ගැනීම සදහා අනන්‍යතා සහතිකයක් අදාළ රාජ්‍ය ආයතන මගින් නිකුත් කිරීමටත් නිර්දේශ කරනු ලැබේ.
  3. එමෙන්ම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව කෙරෙහි සමාජයෙහි පවත්නා අගතිගාමී ආකල්ප වෙනස් කිරීමෙහි සහ එකී තැනැත්තන්ගේ සුභසාධනය පිණිස සුදුසු වැඩපිළිවෙළක් රාජ්‍ය මැදිහත් වීමෙන් සිදු කළ යුතු බවද නිර්දේශ කරනු ලැබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමය පරිදි නිකුත් කෙරුණු අගෝස්තු මස 5 දිනැති ගැසට් පත්‍රය

මේ අතර රජයට එක්වීමටනම් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව කුණු කූඩයට දැමිය යුතු බවට මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් පසුගිය සතියේ ප්‍රකාශයක් සිදුකරන ලදි.
කෙසේ වෙතත් අදාළ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ජාත්‍යන්තර මට්ටමින් පැසසුමට ලක්වෙමින් පවතියි.

අදාළ නිර්දේශ සාරාංශය පහතින් දැක්වෙයි.

Related posts

වැට් බද්දේ සැර බේකරි හිමියන්ටත් දැනෙයි.. බේකරි නිෂ්පාදන මිළත් ඉහළට

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට CID කණ්ඩායමක් ඩුබායි යති..

colombotoday

ඥානසාර හිමි වෙනුවෙන් අත්සන් ලක්‍ෂ 25 ක පෙත්සමක් අත්සන් තැබීම ඇරබේ

colombotoday

රටට ආදරයක් තියනවනම් ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න එපා.. ඇල්ලේ හිමි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

colombotoday

‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ – ලංවිම සේවකයෝ නව බදු ක්‍රමයට විරෝධය දක්වති

Admin

එදා කැඳහැළියක් වූ යහපාලනය මීට වඩා හොඳට රට පාලනය කලා

colombotoday