World

පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්‍රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)

ISIS සංවිධානයට සහය දක්වන Maute හෙවත් Islamic State of Lanao සංවිධානය පිලිපීනයේ මරාවි නගරයේ බලය අත්පත් කරගැනීමේ උත්සහක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ අයි එස් ත්‍රස්තයින් ආකාරයට හැඳ පැළඳගෙන සිටි මෙම තුවක්කුකරුවන් නිවෙස් වලට හා රජයේ දේපළ වලට වෙඩි තබමින් සිටින බවයි.

ඔවුන් මරාවි නගරයේ කඩ සාප්පු, පාසල් ආදී ගොඩනැගිලි බොහොමයකට ගිනි තබා තිබෙන අතර අදාළ ස්ථානන්හි අයි එස් ධජයද ඔසවා තිබෙන බවද මාධ්‍ය වාර්තා පවසයි.

එරට රජයේ හමුදාව හා පොලීසිය ත්‍රස්තයින් සමගින් දරුණු වෙඩි හුවමාරුවක නිරත වන බවත්, භීතියෙන් තැතිගෙන සිටින නගරවාසීන්ට නිවෙස් වලින් පිටතට නොයන ලෙස උපදෙස් ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ කිසිවක් පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. සමාජ මාධ්‍ය වලින් වාර්තා වන ආකාරයට මරාවි බන්ධනාගාරය අත්පත් කරගත් ත්‍රස්තයන් එහි රැඳවියන් නිදහස් කර තිබෙනවා.එමෙන්ම හමුදා නිළධාරීන් දෙදෙනෙකු හා ගිලන් රථ රියදුරන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, මරාවි රෝහලේ සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇති බවත් වාර්තාවනවා.

Related posts

විනෝද උද්‍යානයක රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් හදිසියේ අක්‍රීය වෙයි

Admin

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

මක්කම මහ පල්ලිය නූලෙන් බේරෙයි.. පල්ලිය අසලදීම ත්‍රස්තවාදීයෙක් පුපුරවාගනී

colombotoday

ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි

colombotoday

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday