Colombo Today Local News

33(2) (ඇ) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමෙින්තුව විසිරවීමේ බලය ජනපතිවරයාට තිබෙනවා – සරත් එන් සිල්වා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිත බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් එහි නීතිමය තත්ත්වය පිළිබඳව අද පුවත්පත ඔහුගෙන් කළ විමසීමේදී මේ බව සඳහන් කළේය.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කියන්නේ පැහැදිලිවම ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක්. ඒක සඳහන් වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) (ඇ) ව්‍යවස්ථාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙන කිසිම විධිවිධානයක් හෝ තිබුණද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකිරීමටත්, සැසිවාරය අවසන් කිරීමට හා විසුරුවාහැරීමට බලය ඇති බව පැහැදිලිව එහි සඳහන්ව තිබෙනවා.

පැහැදිලි බලය එතැන තිබෙනවා. ඒවගේම 70 වැනි ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති ඇතුළත් වුණෙත් 19 වැනි සංශෝධනයෙන්. 70 වැනි ව්‍යවස්ථාවේ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පළමු වැනි වසර හතරහමාර තුළ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් අනුවයි.

33(2) (ඇ) ව්‍යස්ථාව 19 වැනි සංශෝධනයට ඇතුළත් කළේ 2002 දී ඇතිවුණ නඩු තීන්දුවක් අනුවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කරන්න බැහැ. එය ඉවත්කරනවානම් ඒකට ජනමත විචාරයක් අවශ්‍යයි කියන තර්කය මතුවුණා. ජනමත විචාරයක් අවශ්‍යනොවන විදිහට 33(2)(ඇ) තුළ පූර්ණ බලයක් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවන්න පාර්ලිමේන්තුව තුළින්ම යෝජනාවක් එනවානම් එය තුනෙන් දෙකක බහුතර බලයක් සහිත යෝජනාවක් ලෙස ඉදිරිපත් විය යුතුයි.

මේ විධිවිධාන දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරලා තිබෙනවා. මේවගන්ති දෙක පරස්පර වෙන්නේ නැහැ. එය අර්ථකථනය කරද්දි අර්ථකථනය කරන ආකාරයක් තිබෙනවා. ඒ අනුව මෙය අමතර බලයක්. ඒ අනුව ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කරන්නෙ අවශ්‍යම අවස්ථාවේ.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම තමයි සුදුසුම ක්‍රියාදාමය කියලා මම හිතන්නේ. නැත්නම් ලොකු අරාජික තත්ත්වයක් මතුවෙලා තියෙන්නෙ.

Related posts

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday

ත්‍රීකුණාමලයේදී බස් රථයකට ගිනි තබයි !

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

“ලංකවේ මුස්ලිම් 30 ක් ISIS ත්‍රස්තවාදීන්ට එක්වෙලා“ – අගමැති ඉන්දීය මාධ්‍යට කියයි

colombotoday

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

colombotoday

කම්කරුවන් අතින් ගැහෙන සහ ගැලවෙන කම්කරු දින දේශපාලන කටවුට්

colombotoday