Colombo Today Local News

වෛද්‍ය, ගුරු, දුම්රිය අද වර්ජනයේ.. හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු වෘත්තීය සමිති 150ක සහය

සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති.

මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

දීපව්‍යාප්තව පවත්වන මෙම එක්‌දින වර්ජනයට පසුවද තම ඉල්ලීම්වලට රජය නිසි ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් සියලු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ වී අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීම සඳහා ලබන අඟහරුවාදා (09දා) දින නියම කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

රෝගී ජීවිත අනතුරේ හෙළන සයිටම් ආයතනය පූර්ණ ලෙස ජනසතු කිරීම, විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ රජයේ යෝජනාව හකුළා ගැනීම, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව ඉට්‌කා වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම වැළැක්‌වීම යන ඉල්ලීම් වහා ඉටු කළ යුතු බව වර්ජකයන්ගේ ඉල්ලීම් වේ.

මෙම ඒකාබද්ධ වැඩ වර්ජනයට සහාය දක්‌වමින් ගුරුවරුන් අද ලෙඩ නිවාඩු දමමින් සේවයට වාර්තා නොකිරීමටත්, දුම්රිය නියාමකවරු සේවයෙන් බැහැරව සිට වර්ජනය කිරීමටත් තීරණය කළ බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.

ඊට අමතරව හෙදියන්, ඛනිජ තෙල්, විදුලි, ජල හා තැපැල් සේවකයන් ඇතුළු තවත් වෘත්තීය සමිති එකසිය පනහක්‌ පමණ අද වැඩ වර්ජනයට උද්ඝෝෂණය කරමින් සහාය දක්‌වන බවද අඛණ්‌ඩ වැඩ වර්ජනය සඳහා ඔවුන් එක්‌වීමට එකඟ වී ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්‌ති පෙරමුණ, ඒකාබද්ධ විපක්‍ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයද වැඩ වර්ජනයට සහාය දක්‌වන බව කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සියලු සරසවි සිසුන් සහ වෛද්‍ය සිසුන් අද දවසේ පන්ති වර්ජනය කරමින් එක්‌දින වැඩ වර්ජනයට සහාය දක්‌වන බවද කීය.

වැඩ වර්ජනය නිසා අද දවසේ ජනතාව අපහසුතාවට පත්වීමේ සම්පූර්ණ වගකීම උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරයා සහ රජය භාරගත යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Related posts

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

colombotoday

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday

නාවලපිටියේදී පාස්ටර් ජෙරම් ගුටි නොකා නූලෙන් බේරෙයි

Admin

මධ්‍යම මැති, ඇමති, නිලධාරී තොගයක් චීන සවාරියේ.. වියදම ලක්ෂ 150යි

colombotoday

හෙට අනිද්දාම දෙන්න යන බදු සහනයක් ගැන විමල් හෙළිකරයි…

colombotoday

බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..

colombotoday