Colombo Today Local News

දඬුවම් දෙනවද, නැද්ද?… ගාලුමුවදොර ගිය මන්ත්‍රීන් නිසා ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව බෙදෙයි…

එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළ බෙදිමක් සිදුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ප්‍රබලයින් පිරිසක් මැයි දිනයේදී ගෝල්ෆේස් මැයි රැලියට සහභාගි වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට එරෙහිව අදහස් දැක්වීම හේතුවෙන් මෙ බෙදීම සිදුව ඇති බවත් පැවසේ.

මෙ සම්බන්ධයෙන් කතිකා කිරීමට සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (03) දිනයේ රැස්වීමට නියමිත බවද සඳහන්.

එසේම ගාලුමුවදොර පිටියේ ඊයේ (01) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට දඬුවමක් ලබාදීමට කටයුතු නොකරන බව අමාත්‍ය එස්.බී. දිසානායක මාධ්‍ය වෙත සඳහන් කළේය.

දැන් අවශ්‍යව ඇත්තේ පක්ෂය එක්සත්ව තබා ගැනීම බවත් හෙතෙම වැඩි දුරටත් අවාධාරණය කර සිටියේය.

Related posts

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

colombotoday

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය

colombotoday

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

colombotoday

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

රට බාරගැනීමට එකම සුදුස්සා ගෝඨාභයයි… ශ්‍රීලනිපයේ බහුතර කැමැත්ත ඔහුටයි

colombotoday