සිය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණ දී සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නාහිමිවරුන් සහ දිවයිනේ ප්‍රධාන පෙළේ ආගමික නායකයින් ගණනාවකට ලබා දුන් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක යැයි පැවසෙන ඡායාරූප ‘ශ්‍රී ලංකා මිරර්‘ වෙබ් අඩවිය පලකර තිබෙනවා.
එම මෝටර් රථ මිලදී ගෙන ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ මුදල් වලින් බව හෙළිව ඇතැයිද එම වෙබ් අඩවිය පවසයි.
ඇමතිකම රැකගැනීමේ අරමුණින් හා ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතිය ගැනීමට සහය ලබා ගැනීම සදහා ඇමති රවී කරුණානායක රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුතු වොල්වෝ වර්ගයේ අති නවීන මෝටර් රථ පහක් ආගමික නායකයන් පස් දෙනෙකුට ලබා දී ඇතැයි මාධ්‍ය වාර්තා පළවුණා.