World

හරක් හොරකමේ ගිය මුස්ලිම් දෙදෙනෙක් පොලුවලි පහර දී මරා දමයි

ගවයන් සොරාගැනීමට උත්සාහකළ බවට චෝදනා කරමින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පිරිසක් විසින් මුස්ලිම් තරුණයන් දෙදෙනෙකු මරා දමනු ලැබ තිබේ.

මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු පසුපස ගම්වැසියන් හඹාගොස් පොලුවලින් පහරදී ඇතිබව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා AFP පුවත් සේවය ප්‍රකාශකර ඇත.

රෝහල කරා ගෙන අතරතුර ප්‍රහාරයට ලක්වූ දෙදෙනා මරණයට පත් වූ බවත් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
‘හියුම රයිට්ස් වොච්’ සංවිධානය පසුගිය සතියේ නිකුත්කළ වර්තාවක සඳහන් වන්නේ ගව ඝාතන චෝදනා මත 2015 මැයි මාසයේ පටන් මේ දක්වා අවම තරමින් මුස්ලිම් ජාතිකයන් දස දෙනෙකුවත් මරා දමා ඇති බවය.

මෙසේ මරාදමා ඇති අය අතර දොළොස් හැවිරිදි පිරිමි ළමයෙකුද සිටි බව එම වාර්තාවේ සඳහන් වෙයි.

 

Related posts

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday

දේවාලයකට භාවිතා කල ගොඩනැගිල්ලකින් මළ සිරුරු 20ක් හමුවෙයි

colombotoday

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

colombotoday