Colombo Today Local News

කෘෂිකර්මේ සල්ලි ගිලින සබීතාගෙ හිස් බිල්ඩිම : මාසික විදුලි බිල ලක්ෂ 13 යි !

දැනට අවුරුද්දක පමණ කාලයක සිට කූලි ගෙවමින් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මෙතෙක් වසාදමා තිබෙන කෘෂීකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 13ක් වන බව වාර්තා වේ.

දැනට අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ විදුලි බිල රුපියල් ලක්ෂ 10කට ආසන්න බවටද අනාවරණය වී තිබේ.

දැනට අමාත්‍යාංශය තිබෙන ගොඩනැගිල්ලේ උපකරණ පරිහරණ යන්ත්‍ර අතුළු වෙනත් විද්‍යුත් උපකරණ පරිහරණය කරමින්ද, පරිගණක යන්ත්‍ර විශාල ගණනක් පරිහරණය කරමින්ද තිබියදී එම විදුලි බිල ගෙවනු ලබයි. නමුත් වසා දමා තිබෙන ගොඩනැගිල්ලකට ලක්ෂ 13ක් වැනි වියදමක් දරන්නේනම්, එය ප්‍රයෝජනයට ගතහොත් කොපමණ වියදමක් දැරීමට සිදු වන්නේදැයි අමාත්‍යාංශයේ සේවකයෝ ප්‍රශ්න කරති.

එම අමාත්‍යාංශය සඳහා කුලියට ගෙන වසාදමා තිබෙන ගොනැගිල්ල වෙනුවෙන් මාසික කුලිය රුපියල් දෙකෝටි පනස්හත් ලක්ෂයක්ද ගෙවමින් තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාවකට අනුව සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත කෘෂිකර්ම අමාතාංශයට ලබා ගත්තද එය අමාත්‍යාංශය පවත්වාගෙන යාමට සුදුසු මට්ටමේ නොමැති බැවින් මේ වනවිට එය අවශ්‍ය මට්ටමට සකස් කරමින් පවතියි. ඒ සඳහාද විශාල මුදලක් වෙන් කර තිබේ.

Related posts

අනුරාධපුර පුජා නගරයේ දි ගංජා අලෙවි කරමින් සිටි හිච්චා අත්අඩංගුවට.

colombotoday

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

colombotoday

සිමෙන්ති සංස්ථාව කෝටි 7ක් අනවසරෙන් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරලා

Admin

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

තිබුණ දේත් නැතිවෙලා… බලාපොරොත්තු සුන් වෙලා… වෙනසට මුලපිරූ FUTA කළකිරිලා

colombotoday

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin