Colombo Today Local News

ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය අදින් අවසන්

මෙරට බටහිර මුහුදු තීරයේ ඉන්දු, ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයේ අවසන් දිනය අද (29)යි.

පසුගිය 23 වැනිදා කොළඹ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ ශාරධ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුරළ මේ අභ්‍යාසයට එක්ව සිටී.

නෞකා මතට හෙළිකොප්ටර් යානා ගොඩ බැස්සවීම, නැවත ගුවන්ගත කිරීම සහ සාගරික ගුවන් මෙහෙයුම් සිදු කිරීමේදී ගුවන් යානා හා නෞකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීමේ ප්‍රායෝගික අභ්‍යාස ද මීට ඇතුළත් වේ.

නාවික හමුදාව සදහන් කරන්නේ මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ලැබෙන බවයි.

ඉන්දීය සාගර කලාපයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේදී ද්වීපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම මෙම ඒකාබද්ධ අභ්‍යාසයේ අරමුණකි.

Related posts

ජපාන යුධ නැව් දෙකක් කොළඹ වරායේ නැංගුරම් දමයි…

colombotoday

SB හා ඩිලාන් පොහොට්ටුවට

colombotoday

කුරුඳුවත්ත බැංකුවක් අසලදී පුද්ගලයෙක් ගිනි තබා ගනී

colombotoday

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday

හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

colombotoday

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

colombotoday