හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය, මාතලේ ශ්‍රීලනිප ආසන සංවිධායක රෝහණ කුමාර දිසානායක මහතා තම සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ස්වකීව මෑණියන්ගේ අවමංගල්‍ය උත්සව අවස්ථාවට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිට මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් මේ මොහොතේ සිට ධූරයෙන් ඉවත්වන බවය.
දඹුල්ල හිටපු ආසන සංවිධායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද ඊයේ දිනයේ ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්, තමන් ඉවත් කරන තෙක් නොසිට මිය පරලොව ගිය මෑණියන්ට උපහාර පිණිස ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් දිසානායක මහතා සඳහන් කළේය.