Colombo Today Local News

මහරගමට පෙට් ස්කෑනරයක් ගන්න ටෙන්ඩර් දැම්මා.. මාස තුනකින් දෙනවා – රාජිත

rajitha pet

මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍යව පවතින පෙට්ස්කෑන් යන්ත්‍රය මිළදී ගැනීම සදහා අවශ්‍ය ටෙන්ඩර් කැදවීම මේවනවිට සිදුකර ඇති බවත්, ඉදිරි මාස තුන ඇතුළත එම ස්කෑන් යන්ත්‍රය මහරගම පිළිකා රෝහලට ලබා දීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

එමෙන්ම මේවනවිට ජාතික රෝහලට පෙට්ස්කෑන් යන්ත්‍රයක් ගෙනැවිත් ඇති බවත්, එහි ඉතිරි උපකරණ ලබාගත් පසු එය විවෘත කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.

මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍ය පෙට් ස්කෑනරයක් මිළදී ගැනීම සදහා දෙරණ රූපවාහිනී ආයතනයේ මූලිකත්වයෙන් පරිත්‍යාගශීලීන් විසින් කෝටි 20ක මුදලක් එකතු කර ඇතත් ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා කිසිවක් ප්‍රකාශ කළේ නැත.

Related posts

භාරත ඝාතන නඩුව තීන්දුයි.. දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම

colombotoday

ජනපතිට-අගමැතිට ඇති ලොකුම ප්‍රශ්නය මෙන්න…!

colombotoday

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

14 හැවිරිදි දැරියක් පැහැර ගත් පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු STF අත්අඩංගුවට

colombotoday

බස් ගාස්තුද ඉහලට

Admin

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බව ඔප්පු වුණොත් මට එරෙහිව පියවර ගන්න. | හිටපු ජනපති මෛත්‍රි කොමිසම හමුවේ කියයි.

colombotoday