Colombo Today Local News

බැඳුම්කර මඟඩියේ බිලියන ගාණක් රටින් පන්නන සූදානම්

බැඳුම්කර මගඩියෙන් උපයා ගනු ලැබූ බිලියන ගණනක මුදල් සම්භාරය මෙරට රඳවා තබා ගැනීම අවදානම් නිසා කර්මාන්ත ශාලාවලට යන්ත්‍රසූත්‍ර ගෙන්වීමේ මුවාවෙන් විදේශ රටවලට යැවීමට උත්සාහ දරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල අනාවරණය කරයි.

අර්ජුන් ඇලෝෂියස්ට හිමි මෙන්ඩිස් අරක්කු සමාගම පාසිකුඩා, තුම්බුරුමුලිවෙම්බුහි අරක්කු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකරන බවට තොරතුරු ලැබෙමින් පවතින නිසා බැඳුම්කර මගඩියෙන් උපයාගත් මුදල් මේ හරහා විදේශ රටවලට යැවෙන බවට තමන්ට සාධාරණ සැකයක් මතුවන බව ගම්මන්පිල මහතා සඳහන් කරයි.

යන්ත්‍රසූත්‍රවල නියමිත වටිනාකම සඟවා ඉහළ මිලක් යටතේ යන්ත්‍රසූත්‍ර ගෙන්වන බව හඟවා ඉතිරි මුදල් විදේශ රටවල බැංකුවල තැන්පත් කර ගැනීමට ක්‍රියාකරමින් සිටින බවද වංචාවක් සිදුවූවාදැයි සෙවීමට කොමිසම් පත් කොට පරීක්ෂණ පවත්වද්දී වංචාවෙන් උපයාගත් දේ තොගපිටින් රටින් පිටමං කෙරෙන බවද මන්ත්‍රිවරයා තවදුරටත් පැවැසීය.

Related posts

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

ලංවීම සේවකයින් අදත් කොළඹ විරෝධ‍යේ

Admin

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

colombotoday

බස් වර්ජනයක්?

Admin

කොළඹ කුණු එපා නම් කොළඹට එන්නත් එපා ! – ඇමති චම්පික

colombotoday

ජනපති අවසන් වරට ජාතිය අමතන්න සූදානම්… වැඩි කැමැත්ත ගෝඨාභයටයි, අවසන් මොහොතේ සජිත් හමුවෙයි !

colombotoday