උතුරු සහ නැගෙනහිර පළාත්වල යුධ හමුදාව බාරයේ ඇති ඉඩම් ජනතාවට ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේ ඒ සඳහා ආරක්ෂක අංශ ප්රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බවය.
ඒ අනුව දිස්ත්රීක් මට්ටමින් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේය.