Colombo Today Local News

ආචාර පෙළපාළි, වෙඩිමුර නෑ.. රණවිරු දිනය නිමිත්තෙන් යාපනයේ කසල ශෝධනයට හමුදාව යොදවයි

මෙවර රණවිරු දිනය නිමිත්තෙන් හමුදා පෙළපාලි හා වෙඩි මුර වෙනුවට ජනතා සුබ සිද්ධිය මූලික කරගනිමින් හමුදාව සමග එක්ව යාපනය නගරයේ අපිරිසිදු ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

යාපනය නගරය මේ වන විට අපිරිසිදු තත්ත්වයක පවතින බව පවසන ආණ්ඩුකාරවරයා, ආණ්ඩුකාර කාර්යාලයේ මැදිහත්වීමෙන් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන බව පෙන්වා දෙයි.

ඒ අනුව ලබන හත් වනදා සිදු කෙරෙන එම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යාපනය මහ නගර සභාව, නාවික හමුදාව, යුද හමුදාව සහයෝගය ලබාදෙන බව රෙජිනෝල්ඩ් කුරේ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩ 3කට රුපියල් කෝටි 8372ක ණයක්…

colombotoday

ඩීල් සංස්කෘතියට පාස්කු පරීක්ෂණ කාපට් එක යට හංගන්න එපා. – කදිලනල් තුමා කියයි

colombotoday

දරාගත නොහැකි විදුලි මිල නිසා සේවකයන් ලක්ෂ දෙකක් මහ පාරට වැටීමේ අවදානමක

colombotoday

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

Admin

අද ඩොලරයේ මිල

colombotoday