ශ්රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී ආචාර්ය බ්රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියන් අපවත්වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් දින 9ක පමණ කාලයක් කොළඹ පුද්ගලික රෝහලක ප්රතිකාර ලැබූ උන්වහන්සේ අපවත්වන විට වයස අවුරුදු අසූ දෙකකි.
සීවලී අනුනාහිමියන් දෙමළ භාෂාව චතුර ලෙසින් හසුරවමින් බුද්ධ ධර්මය දේශනා කළ හිමිනමක් ලෙසද ප්රකටව සිටියහ.
නාගදීප විහාරස්ථානයේ වැඩවිසූ උන්වහන්සේ උතුරේ දෙමළ ජනතාව අතරද ගෞරවයට පාත්රවූ හිමිනමකි.