Colombo Today Local News

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි.

එසේ අනුමැතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයන් ඊයේ (22)දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 හා 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත පිළියෙල කර තිබේ.

ඒ අනුව 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.

එයට අමතරව ඕනෑම වසංගත තත්ත්වයක් හෝ මහජන හදිසි තත්ත්වයකදී රජයේ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරිම සඳහා මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.

මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

colombotoday

නොවැම්බර් 10ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස්වෙනවා…

colombotoday

රෝසිගේ අරුම පුදුම වැසිකිළි ටෙන්ඩරය…!

colombotoday

එජාප ගිනි කන්ද පිපිරෙයි.. අගමැති එලවන එජාප විශ්වාසභංගයට ඒකාබද්ධය, ජවිපෙ සහය

colombotoday

ජාතික ආරක්ෂාව බිල්ලට දෙන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ !

colombotoday

“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Video

colombotoday