රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත සැක කරුවන් දෙදෙනා මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇතත්, ඇප කොන්දේසි සපුරා ලීමට නොහැකි වීම නිසා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය පස්වනදා වනේගමු ජුම්මා පල්ලියේ පැවති උත්සවයකින් අනතුරුව ගවයන් 7ත් දෙනෙකු මරා, හාල් කිලෝ දහසක බත් උයා බැතිමතුන්ට ලබා දී ඇති අතර, ආහාර විෂවීමෙන් දහසකට අධික පිරිසක් රෝගාතුර වී ඇත.
පන්සීයකට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකු මිය ගියේය.