Colombo Today Local News

කටාරයෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් !

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින්නැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටාර් ජාතිකයින්ට සංචාරක උපදේශනය නිකුත් කරමින් කියා සිටී.

මේ දිනවල ශ්‍රී ලංකාවේ දැනට පවතින එච්.වන්.එන්.වන් (කුරුලු උණ) රෝග වසංගත තත්ත්වය හේතුවෙන් කටාර් වැසියන්ට එහි සංචාරය නොකරන ලෙසට කටාර් විදේශ අමාත්‍යාංශය විසින් උපදෙස් දී ඇත.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය පනවා ඇති සංචාරක තහනම නිවැරදි නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සංචාරකයන්ට වාරණයක් දැමීමට තරම් ඒ (එච්1එන්1 ) රෝගය බරපතල ලෙස වර්ධනය වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජනය කරන කිසිදු රටකට තවත් සාමාජික රටකට එවැනි තහනමක් පැනැවීමට නොහැකි යැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

colombotoday

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

colombotoday

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

colombotoday

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

Admin

දේශීය සහල් නොමැතිව අළෙවිසල් වැසෙන ලකුණු

colombotoday

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

Admin