ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය කියයි.
සැකකරුකළුතර ප්‍රදේශයේ පලතුරු මිලදී ගැනීමට ගොස් සිටියදී රුපියල් 1000 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තවත් 1000 නෝට්ටු 19 ක්, ස්කෑන් යන්ත්‍රයක් සහිත මුද්‍රණ යන්ත්‍රයක් සහ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.