Colombo Today Local News

අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!

බැදුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට මත්පැන් නිශ්පාදනය සදහා වී මෙට්රික් ටොන් 4000ක් නිකුත් කර ඇත්තේ කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

අමාත්‍ය පී.හැරිසන් ඇතුළු කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් මෙය සිදුකර ඇති බවත්, ඒ හරහා යම් කොමිස් මුදලක් වෙන් කරගෙන ඇති බවට සැකයක් මතුව ඇති බවත් හෙතෙම පවසයි.

ආණ්ඩුව මේ ආකාරයට වී කිලෝ හතලිස් ලක්ෂයක් මත්පැන් සමාගම්වලට දෙන අතර තවත් පැත්තකින් ගුණාත්මක වී සත්ව ආහාරවලට වෙන් කරන බවත්, 2016 පමණක් සත්ත්ව ආහාර සදහා වී කිලෝ නව කෝටි දාහත් ලක්ෂ දාහත්දාහක් ලබාදී ඇති බවත් නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

රටේ වී හිගයක් මවා පාවින් කොටසක් මත්පැන් සදහා දෙමින් තවත් විශාල ප්‍රමාණයක් රජයේ ගබඩාවල රදවා තබා ගන්නා බවත්, අනතුරුව සහල් අර්බුදයක් බව පවසමින් එම සහල් මිල ඉහළ දමා එහි ශුද්ධ ලාභය මහා පරිමාණ මෝල් හිමියන් ලබා ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.

Related posts

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්කරයි.. අම්පාර, දිගන සිදුවීම් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

විමල් ඉතිහාසය වෙනස් කරයි.. වැලිකඩ සිර කුටියේ උපවාසයක් අරඹයි !

colombotoday

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin