මාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ සරත් ෆොන්සේකා යැයි එකල තමන්ට සැකයක් තිබුණත් දැන් එවැනි සැකයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ පැණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ලසන්ත ඝාතනයට තමන් සම්බන්ධ නැති බවට ෆොන්සේකා මහතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත්, රාජපක්ෂවරුන් මිනීමරු කල්ලියක් හරහා ලසන්ත ඝාතනය කරවූ බවත් ඊට සම්බන්ද සියළු දෙනා නීතිය හමුවට කැදවනු ඇති බවත් හෙතෙම සදහන් කෙළේය.